Saturday, January 23, 2016

.....සිංහල  වංශයේ  කුරුලු රූප....




හංසයා...


ඉතා උසස්  ගණයේ සතෙකි. නිතිය සසදලිමේ ලාංජනයද හංස රුවයි.අනුරාදපුර,පොලොන්නරුව යුගවල සදකඩපහනේ එක් තීරුවක්  ද හංස පෙරහරකට වෙන් කර තිබේ. හොටෙන් නෙලුම් පොහොට්ටු එකක් හෝ තුනක් එල්ලගෙන හැඩයට නිරුපනය කරනු ලැබේ. නුවර යුගය වන විට හංස පුට්ටු අදින්නට පටන් ගනු ලැබිය. බෙල්ලෙන් පැටලිලා හොටෙන් මල් කිනිත්තක් රැගෙන නිරුපිතය. මෙම හංස පුට්ටුව මාල වලට,ඇත් දත් වැඩට, බතික් වැඩට ගෙන තිබේ. 

හෙරුන්ද පක්ෂියා....


මහනුවර යුගයේ පැතිර ගිය මෝස්තරයකි මෙය. පදක්කමක් ලෙසද මැණික් ගල් අල්ලා මෙය අභරණයක් ලෙසද පලදිති. එසේම ඇත් දත් කැටයම්,ලී කැටයම් අතර දක්නට තිබේ. ගිරිඋල්ලේ ,මැද්දේපොල විහාර දොරට ඉහළ ජනේලයේ මෙම අලංකරණය ඇත.

සරපෙන්දා ....

මහනුවර යුගයේ මෝස්තරයකි. සිංහ හිසක් සහ කේසර සහිත බෙල්ල,පක්ෂි (හංස) කදක් හා පෙද, මත්ස්‍යකුගේ කොරපොතු සහිත රූපයකි. සමහර තැනක සීනි මල් කිනිත්තක් කටින්ගෙන ඇත. රිදී විහාරයේ,බබරගල විහාරයේ,ඇම්බෙක්කේ දේවාලයේ,මගුල් මඩුවේ,හගුරන්කෙත දේවාලයේ පල්ලෙක්කියක වූ පිත්තල සැරසිල්ලේ ,මල්වත්ත පන්සලේ දොරක මේ රුපය දක්නට ඇත.

ඇත්කදලිහිණියා....

ශක්තිමත් බව පෙන්වීමට නිර්මාණය කළ මෝස්තරයකි. ඇතා සිවුපාවුන් අතරත් ලිහිණිය පක්ෂීන් අතරත් ශක්තිමත් දෙදෙනෙකි.අත්කදලිහිණි රුව හිස අතෙකුගේද, කද ලිහිනියෙකුගේද ලෙසින් නිරුපිතය. පාදයෙහි ඇතුන් දෙදෙනෙකු රැගෙන ඇත. ඇම්බෙක්කේ ලී කැටයම් අතර, තබ පිත්තල කැටයම් අතර, බදුල්ලේ කතරගම දේවාලයේ පිට බිත්ති චිත්‍ර අතර මේ රුව දැකිය හැකිය.

බිතු සිතුවම් සදහා නුවර යුගයේ ගත් පාරම්පරික වර්ණ මාලාව මෙයයි...
             රතු :- පිට වටය හා ඇහේ ඇතුලේ කොටස්
             කහ :- රූපයේ ඇගට
             කළු :- රූප මතු කිරීමට පිට වටයෙන් රේඛා යෙදීම

Tuesday, January 19, 2016

..... මල් මෝස්‌තර .....

  


පැරණි ශිල්පීහු ලියපතේ රේඛා ගැලපීම,රිත්මය  ගැන විශේෂ අවදානයක් යෙදුහ. බිනර මල ඉතාම චාම් මලක් ලෙස දක්නට දක්නට ලැබෙනවා.එයට පෙති 4කි.ඉහත සදහන් රේඛා රිත්මය එහි තිබෙන සියුම් ලෙස කැටයම් යෙදු බිනර මල් පෙති මෝස්‌තර සිය ගණනක් සොයා ගත හැකිය.බිනර මල,සිනි මල,අන්නාසි මල වැනි මල් ශිල්පී පරපුරෙන් පරපුරට වෙනස් වෙමින් වර්තමානයට පත් විය.කඩුපුල් මල, කතිර මල, අන්නාසි මල උසස් නිර්මාණ ලෙස සැලකේ. 
               නුවර යුගයේදී කණු පේකඩ වල පහතට නැමුණු කොටසේ මුහුණත බිනර මල යොදා තිබෙන්නේ ය .නමුත් මෙයට සමහරු නෙලුම් මල යයි  පැවසුවද සැබවින්ම  එය බිනර මලකි.
               වියමන් අතරද මල් තිබෙනු ඇත.
  •   මහා මල් පෙත්ත
  •   හීන් වියමන් පෙත්ත
  •   ඇති මල
  •   අට පෙති මල
  •   කතුරු මල 
  •   දොබ මල
  •   පැපොල් මල්      ඒ අතර වනවා. පුටු වියන විට ගන්නා පැපොල් මල දුටු විට එය එසේ යැයි පැවසිය නොහැක.
       පහතරට විහාර බිතුසිතුවම් වල රෝස මලද අඩංගු වේ...


             එවැනි  මල් මෝස්‌තර මෙසේ ය ...



                                                   අන්නාසි මල් රටාව 

                                                                              බිනර මල 

                                                                                 ලිය වැල

                                                                                 කඩුපුල් මල




Monday, January 18, 2016


 ..... සිංහල මෝස්‌තර රටා ....



අරිම්බුව 

ගල් බිංදුව

කැකුල හා මල 

කලස් දගරය 
හවඩිය 


.....  සිංහල සැරසිළි මෝස්‌තර .....

              අනුරාදපුරය සිගිරිය පොලොන්නරුව නටබුන්වල මෝස්‌තර බලන විට ඒවා අතීතයේ සිට එක්තරා සම්ප්‍රදායකට දියුණුව ආ බව දක්නට ඇත. නුවර යුගයේ විශේෂයෙන් කිරිගිතලය මුලික මෝස්‌තර නිර්මාණය කොට ඇත.
                  මෙම සැරසිලි අදින්නට පටන් ගත්තේ වකදෙක ඇසුරෙනි. එහිදී ගෝලයට මුලින්ම අදින්නට පුරුදු කරන්නේ එම නිසාවෙනි.වකදෙක නොයෙක් ලෙසින් දියුණු සැරසිලි නිමවනු ලැබිය.
                    මහනුවර යුගයේදී සැරසිලි සිවු ගන්නට බෙදා මද්‍ය කාලින සිංහල කලා පොතේ දිව්‍ය,සත්ව,උද්බිත,නිර්ජිව ලෙසය.